පළාත් පාලන මැතිවරණය සඳහා නව දිනයක් ලබන සතිය මුලදී ප්‍රකාශයට පත් කරන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.
මැතිවරණ නව දිනය දෙන බව පසුගිය සතියේ ප්‍රකාශ කිරීමෙන් පසු කොමිසමේ සාමාජිකයන් ඊයේ (03) රැස්විය.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී.පුංචිහේවා මහතා සඳහන් කළේ, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, රජයේ මුද්‍රණාලය, පොලිසිය ඇතුළු අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කර නව දිනය ප්‍රකාශයට පත් කරන බවයි.
ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාව ලබන සතියේ මුල් දින කිහිපය තුළ පැවැත්වෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
Share this: