පළාත් පාලන මැතිවරණය කල් දැමීම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බලපාන අපරාධයක් බව හිටපු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
2023 පළාත් පාලන මැතිවරණය පිළිබඳව අදහස් දක්වමින් දේශප්‍රිය ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණය කල්දැමීම කිසිදු හේතුවක් මත සාධාරණීකරණය නොකළ යුතු බවත්, එය කිසිදු රටක් මුහුණ නොදෙන කනගාටුදායක තත්ත්වයක් බවත්ය.
අවම වශයෙන් අගෝස්තු මාසයේ ලෝක තරුණ දිනය වන විට හෝ සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය වන විට මැතිවරණය පැවැත්වෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව දේශප්‍රිය පැවසීය.
“දැන් මුහුණ දෙන ගැටලුව තමයි මේ ප්‍රශ්නය විසඳගන්නේ කොහොමද කියන එක. කෙසේ වෙතත් මේකට උත්තරය තිබෙන්නේ මැතිවරණ කොමිසම, මුදල් අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාරය ළඟයි. මාධ්‍යයට හෝ අපට හෝ මහජනතාවට මේ ප්‍රශ්නයට උත්තර නැහැ”, ඔහු පැවසීය.
Share this: