මා කිසිදු දිනක තාවකාලිකව හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ගිහින් නෑ.

මා කිසිදු දිනක තාවකාලිකව හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ගිහින් නෑ.

මහජන මතය තර්ජන වලින් වෙනස් කළ නොහැකි බව හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ තමන් කිසිදු දිනක තාවකාලිකව හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර නොගිය බවයි.

හිටපු ජනාධිපතිවරයා අද පෙරවරුවේ හොරණ, මදුරාවල ප්‍රාදේශීය සභා පරිශ්‍රයට පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මේ බව පැවසීය.

අද පැවැත්වෙන මහනුවර රැළිය සඳහා ආරාධනා ලැබී ඇතැයිද, නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමා ළඟ බවද, පැවසූ හිටපු ජනාධිපතිවරයා තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන බවද, එහිදී කියා සිටියේය.

මෙම අවස්ථාවට හිටපු ඇමතිවරුන් වන නිර්මල කොතලාවල, කුමාර වෙල්ගම යන මහත්වරු මෙන්ම ප්‍රදේශවාසීන් පිරිසක් ද එක්ව සිටියහ.

Share this: