මාස 60කින් අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය

මාස 60කින් අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය

තමන්ට අවශ්‍ය රට ඉදිරියට ගෙනයමින්, රටේ ආර්ථිකය ‍‍ගොඩනඟා ජනතාවගේ ජීවිත යහපත් කිරීම බවද මේ රට යළි විනාශ කිරීමට මහින්ද රාජපක්ෂට අවස්ථාව ලබාදෙනවාදැයි ජනතාව තීරණය කළ යුතු බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කියා සිටියේ කොළඹ විහාර මහාදේවී උද්‍යානයේදී ඊයේ(23) පෙරවරුවේ එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී අග‍්‍රාමාත්‍යවරයා විසින් නව ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සර්වාගමික නායකයින් වෙත පිළිගැන්වූ අතර එහි ප්‍රධාන කරුණු පහක් ඇතුලත් වේ. එනම්,
ආර්ථිකය දියුණු කිරීම, දූෂණය මුලිනුපුටා දැමීම, නිදහස තහවුරු කිරීම, යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීම, අධ්‍යාපනය ඉහළ නැංවීම යන පංච විධ ක‍්‍රියාවලියයි.
තමාට අවශ්‍ය තමාගේ අනාගතය තහවුරු කර ගැනීමට නොවන බවත් ඔබ සියලූ දෙනාගේම අනාගතය තහවුරු කිරීම බවත් ජනවාරි 8 වැනිදා ඇරඹු විප්ලවය යටතේ දින 100 වැඩපිළිවෙළ තහවුරු කරගෙන ඉදිරියට යාම සඳහා වන විප්ලවයට අගෝස්තු 17 වැනිදාට එක්සත් ජාතික පෙරමුණට ඡන්දය ලබාදෙන්නැයිද ඉල්ලා සිටියේය.

Share this: