මාෂල් ආර්ට් හමුදා නිලධාරියා විමර්ශන අවසන් වන තුරු රාජකාරිවලින් ඉවතට

මාෂල් ආර්ට් හමුදා නිලධාරියා විමර්ශන අවසන් වන තුරු රාජකාරිවලින් ඉවතට

කුරුණෑගල, යග්ගපිටිය ඉන්ධන පිරවුම්හලකදී සිවිල් පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීයා ,විමර්ශන අවසන් වන තුරු සියලු රාජකාරීවලින් මුදා හැර තිබේ.

යුද හමුදාව නිවේදනය කළේ, යුද හමුදාපතිවරයා විසින් පත් කරන ලද පංච පුද්ගල විමර්ශන අධිකරණයේ නිර්දේශ ලැබෙන තුරු ඔහු වහාම ක්‍රියාත්මක වන පරිදි රාජකාරීවලින් ඉවත් කර ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා පොලිසිය මගින් ද වෙනමම විමර්ෂණයක් පවත්වන අතර, ඒ සඳහා ප්‍රකාශ සටහන් කර ගනිමින් ඇතැයි යුද හමුදාව සඳහන් කළේ ය.

බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් මෙම සිද්ධිය විමර්ශනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා බල සේනාධිපතිවරයකුගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල විමර්ෂණ අධිකරණයක් පත් කර තිබේ.

මේ අතර කුරුණෑගල, යග්ගපිටිය ඉන්ධන පිරවුම්හලකදී යුද හමුදා ලුතිනන් කර්නල්වරයෙකු සිවිල් වැසියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම අද (05) ආරක්ෂක ලේකම්වරයා කැඳවා කරුණු විමසා ඇත‍.

Share this: