මාලිගාවට ගිනි අවිය සමග යාමට නොදෙයි

මාලිගාවට ගිනි අවිය සමග යාමට නොදෙයි

ආරක්ෂක ලේකම්ට ආරක්ෂාව සපයමින් ගිනි අවියක් ද සහිතව දළදා මාළිගාවට ඇතුළුවීමට ගිය නිලධාරියෙකු එහි ආරක්ෂක අංශය විසින් නැවතා තිබේ.

නව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඊයේ දළදා මාළිගාව වැඳපුදා ගැනීමට පැමිණි අවස්ථාවේදී මෙම සිදිය ඇතිවී තිබේ.

තවද ඔහු සමග ආරක්ෂක නිලධාරීන්ද එම ගමනට එක්ව සිටි අතර දළදා මාළිගාව වැඳපුදා ගැනීමට පැමිණෙන ප්‍රධාන ආරාධිතයින් ඇතුළුවන ගේට්ටුවේදී මෙම පරික්ෂාව සිදුකර ඇති අතර, එහිදී ගිනි අවිය සහිත නිලධාරියා දළදා මාළිගාවේ ආරක්ෂක අංශය විසින් ඉවත් කර ඇත.

Share this: