මාලිංග සූදානම් වෙන්නේ ලෝක කුසලානට – නිරෝෂන් දික්වැල්ල කියයි

මාලිංග සූදානම් වෙන්නේ ලෝක කුසලානට – නිරෝෂන් දික්වැල්ල කියයි

වසරක් ඇතුළත පිට පිටම හත්වැනි වරටත් විස්සයි විස්ස තරගාවලියක් පරාජයට පත්වු ශී‍්‍ර ලංකාව තවදුරටත් විස්සේ ශ්‍රේණිගත කිරීම්වල ඇෆ්ගනිස්තානයට පසුපසින් සිටියි. කෙසේ වෙතත් නවසීලන්තය සමග පළමු තරග දෙකම පරාජය වූයේ අවසන් පන්දුවාරයේ බැවින් කණ්ඩායමේ දුර්වලතාව ඇත්තේ සුළු සුළු තැන්වල බව නිරෝෂන් දික්වැල්ල පවසයි.

‘‘අපි ගහපු ලකුණු ගණන ඕවර 16 කින් නවසීලන්තය ගත්තනම් අපිට හිතන්න තිබුණා අපි ගොඩක් මදියි කියලා. නමුත් තරග දෙකම අවාසනාවන්ත ලෙස අවසන් පන්දුවාරයේදී තමයි පරාජයට පත්වුණේ. ඒක ලොකු වේදනාවක්. මොකද කණ්ඩායමේ හිටපු හොඳම පන්දු යවන්නන් අතින් උඩපන්දු අතහැරුණා. තරගයකදී එවැනි දේවල් වෙන්න පුළුවන් වුණත් ඒ වගේ දේවල් සිදුවුණේ අපේ අවාසනාවට. මම හිතනවා ඉදිරියේදී එවැනි දේවල් සිදුවෙන එකක් නැහැ කියලා. ’’

නවසීලන්තය සමග පළමු තරගයේදී ශ‍්‍රී ලංකා පන්දු රකින්නන් අතින් උඩපන්දු තුනක් අතහැරුණ අතර දෙවැනි තරගයේදී උඩපන්දු දෙකක් අතහැරුණි. ඒ සියලූම අතහැරීම් සිදුවුයේ තරගයේ තීරණාත්මක අවස්ථාවේදීය. දෙවැනි තරගයේ අවසන් පන්දු හතරට නවසීලන්ත ජයග‍්‍රහණයට ලකුණු හතක් අවශ්‍යව තිබියදී වනිදු හසරංග යැවූ පන්දුවට ඞීප් මිඞ්විකට් හි සිට ෂෙහාන් ජයසූරිය උඩපන්දුවක් රැුක ගත්තද එම අවස්ථාවේදී අනෙක් අන්තයෙන් පැමිණි කුසල් මෙන්ඩිස් ඔහුගේ ඇෙ`ග් හැපීමෙන් එයද ලකුණු හයක් විය. අනතුරුව නවසීලන්තය පන්දු දෙකක් සහ කඩුලූ හතරක් අතැතිව තිබියදී තරගාවලිය ජය ගත්තේය.

‘‘තරගයේ තීරණාත්මක අවස්ථාවලදී උඩපන්දු අතහැරීම අපේ පරාජයට බලපෑවා. ඔවුන් හොඳ පන්දු රකින්නන්. නමුත් අවාසනාවට ඒ සිදු වුණා. මාලිංග අයියා කණ්ඩායම ලෑස්ති කරන්නෙ ලෝක කුසලාන ඉලක්කය වෙනුවෙන්. අපේ පන්දු රකින්නන් සහ පන්දු යවන්නන් හොඳින් පන්දු යැව්වා. නමුත් පිතිකරණයේදී ලකුණු 10-15 ක් අපිට මදි වුණා. ’’ යැයි දික්වැල්ල පවසයි.

තණතීරුවේදී පළමුව පන්දුවට පහර දුන්නේ කණ්ඩායමේ ඒකමතික තීරණය නිසා බවත් එහිදී පීඩනයක් නොමැති බවත් දික්වැල්ල පවසයි.

‘‘පළමු තරගයේදී වැස්සයි පින්නයි දෙකම තිබුණා. මේ තරගයේදී පින්නත් නැහැ වැස්සත් නැහැ. ඒ නිසා තණතීරුව තදට තිබුණා. ඒ නිසා ලකුණු 160 අපිට මදි වුණා. ලකුණු 40 ට කඩුලූ දෙකක් ගිය වෙලාවෙ මමයි අවිශ්කයි පොඞ්ඩක් සෙමින් ලකුණු ලබා ගත්තා. ඒ වෙලාවෙ තවත් කඩුලූ දැවී ගියානම් අමාරු වෙන්න තිබ්බා. ඒ නිසා ලකුණු නැතිව පන්දු කිහිපයක් යන්න ඇති. නමුත් අපි නවසීලන්තයට වැඩි හතරේ පහරවල් එල්ල කළා. තරගය යන ආකාරයට එවැනි දේවල් සිදුවෙනවා. ’’

ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් විසින් හත් දෙනකු යොදා ගැනුණි. නමුත් කණ්ඩායමේ සිටින ප‍්‍රධානතම පන්දු යවන්නා වූ ඉසුරු උදානට යැවීමට හැකි වූයේ පන්දුවාර තුනක් පමණි. ඔහුගේ පන්දුවාරයක් ඉතිරි වුයේ නායකයාගේ කළමණාකරණයෙන් වරදකින්ද යන්න

දික්වැල්ලගෙන් විමසන ලදුව, ‘‘උදානගේ පන්දුවාරයක් ඉතිරි වුණාද කියලා මම දන්නෙ නැහැ. මොකද මම ඒ වෙලාවෙ කකුලෙ ආබාධය නිසා ක‍්‍රීඩාගාරයේ හිටියේ. හැබැයි මාලිංග කියන්නෙ ගොඩක් අත්දැකීම් තියෙන නායකයෙක්. ඔහුට එහෙම අමතක වෙන්න බැහැ. මම හිතන්නෙ තරගයේ ආකාරයට ඔහු ඒක හිතලා කරන්න ඇති. අපිට පන්දු යවන්නන් හත් දෙනෙක් හිටියා. හොඳ දඟ පන්දු යවන්නන් තිදෙනෙක් හිටියා. ඔවුන් හොඳින් පන්දු යැව්වා. ’’ යනුවෙනි.

ඉසුරු උදාන පන්දුවාර තුන යවමින් ලකුණු 18 කට කඩුල්ලක් දවා ගත්තේය. ඉසුරු උදානගේ අවසන් පන්දුවාර තුන යැවීම සඳහා ඔහුව කැඳවන අවස්ථාවේදී ඔහුට පන්දුවාර හතර යැවීමට අවස්ථාවක් නොතිබුණි. එම නිසා අවසන් ඕවරය යැවීමට වනිදු හසරංගට සිදුවු අතර ඔහු පළමු පන්දු තුනේදීම විශිෂ්ට පන්දු යැවීමක් දියත් කළද තෙවැනි පන්දුවේදී උඩපන්දුව අතහැරීමෙන් තරගය පරාජය විය.

ශ‍්‍රී ලංකාවේ මිලියන විසි දෙකක ජනතාවක් තමන් ක‍්‍රීඩා කරන හැටි බලා සිටින බවත් ඒ වෙනුවෙන් තමන් ඇතුළු කණ්ඩායමට වගකීමක් තිබෙන බව දන්නා බවත් නිරෝෂන් දික්වැල්ල පවසයි. ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තෙවැනි විස්සයි විස්ස තරගයට හෙට (06 දා* පල්ලකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

Share this: