රුපියල් කෝටි 8ක් පමණ වටිනා හෙරොයින් කිලෝ 8යි ග්‍රෑම් 528ක ප්‍රමාණයක් මාරවිල තොඩුවාව ප්‍රදේශයෙන් සොයාගෙන ඇත.
පෙරේදා මෙම මත්ද්‍රව්‍ය තොගය ප්‍රදේශයේ ලදු කැලෑවකින් සොයාගෙන ඇති අතර මේවා ඉන්දියාවේ සිට බෝට්ටුවක හා තෙප්පමක ආධාරයෙන් ගෙනැවිත් ඇති බව සැක කෙරේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇතැයිද පොලීසිය කියයි.
Share this: