බේරුවල මුහුදු තීරයේදී විපතට පත් ධීවරයින් 6 දෙනෙකු බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව මැයි 14 වැනිදා පෙරවරුවේ සමත් විය.
ඒ අනුව අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බේරුව ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් අටක් (ආසන්න වශයෙන් කිලෝමීටර් 15ක්) පමණ ඔබ්බෙන් වූ ධීවර යාත්‍රාව තුළට මුහුදු ජලය කාන්දු වීම හේතුවෙන් බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් ගිලා බැසීමේ අවදානමකට ලක්ව ඇති බව නාවික හමුදාව වාර්තා කළේය.
බහුදින ධීවර යාත්‍රාවේ (IMUL-A-) හිමිකරුගෙන් නාවික හමුදා මූලස්ථානයේ පිහිටි සමුද්‍ර ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC) කොළඹ වෙත ලැබුණු තොරතුරක් මත මැයි 14 වැනිදා අලුයම ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී ශ්‍රී ලංකා වෙරළාරක්ෂක යාත්‍රා CG 208 මඟින් මෙම මුදා ගැනීම සිදු කර ඇත.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සෙවීම් සහ මුදාගැනීමේ කලාපය තුළ විපතට පත් සමුද්‍ර සහ ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව MRCC සමඟ සම්බන්ධීකරණයෙන් නිරන්තර අවධානයෙන් සිටී.