පාස්කු ඉරිදා ප්‍රහාරයේ කුමන්ත්‍රණය සහ අනෙකුත් චෝදනා සම්බන්ධයෙන් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහි නඩු විභාගය අද (05) දක්වා කල් තැබීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළහ.
ඒ අනුව විත්තිකරුගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගයක් අද ප්‍රකාශයට පත් කරන ලෙස මිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.
එම අවස්ථාවේ නඩුවේ 14 වැනි විත්තිකරු වූ ඊබ්‍රහිම් මවුලවි මහතා අධිකරණයට නොපැමිණි බන්ධනාගාර නිලධාරීන් විත්තිකරු අසනීප වී මහනුවර බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බව අධිකරණයට දන්වා සිටියේය.
Share this: