මාතර – වල්ගම මහානාම විද්‍යාලය අසළ දී වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
අද (27) රාත්‍රී 8.30ට පමණ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී නාදුනන පිරිසක් විසින් මොහුට වෙඩි තබා ඇති බව සඳහන් කළේය.
මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ සමර දිවාකර මොහොට්ටිගේ රංග ඉඳුනිල් නමැති විවාහක පුද්ගලයෙකු වන අතර ඔහු වල්ලගම ප්‍රදේශයේ කුලී පදනම මත හෝටලයක් පවත්වාගෙන ගිය අයෙකි .
වෙඩි වැදීමෙන් මියගිය අයගේ දේහය මේ වනවිට මාතර මහරෝහලේ තබා ඇති අතර වෙඩි තබා පලාගිය පුද්ගලයින් සොයා මාතර පොලිසිය පරීක්ෂණ අරඹා කර ඇත .
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව මාතර පොලිසිය පවසයි.
Share this: