මළ සිරුරේ ගැඹුරු කැපුම් තුවාල කිහිපයක්

මළ සිරුරේ ගැඹුරු කැපුම් තුවාල කිහිපයක්

පසුගිය දිනක කහවත්තේදී ඝාතනය ලක් වු කාන්තාවගේ පශ්චාත් මරණ පරික්ෂණ ඊයේ (07) රත්නපුර රෝහලේදී සිදු කලෙය.

මෙම ඝාතනය බර ආයුධයකින් හිසට පහරදීම හේතුවෙන් හිස් කබලට බරපතල හානි සිදුවිම නිසා අදාළ කාන්තාව මරණයට පත්ව ඇති බව එහිදී හෙළිව ඇත.

පසුගිය 05 දා කහවත්ත කොටකෙතන ප‍්‍රදේශයේදි අතුරුදහන්ව සොයා ගැනුණු චන්ද්‍රානි ස්වර්ණලතා මහත්මියගේ මළ සිරුරේ ගැඹුරු කැපුම් තුවාල කිහිපයක් ද සිදුව ඇත.

මෙම මියගිය තැනැත්තිය ස්ති‍්‍ර දුෂණයකට ලක්වි ඇත්දැයි බැලිම සඳහා ශරිරයේ කොටස් කිහිපයක් වැඩිදුර පරික්‍ෂණ සඳහා විශේෂඥවරුන් වෙත යොමුකර ඇතැයි පොලිසිය පවසයි.

තවද, කහවත්ත පොලිස් නිලධාරින්ට අමතරව මේ සම්බන්ධයෙන් කොළඹ අපාරධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරි වරයෙකුගේ අධික්‍ෂණය යටතේ ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි.

Share this: