මහ බැංකුවේ සේප්පුවෙන් මිලියන 5ක මුදලක් අතුරුදන්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මහ බැංකුවේ අදාළ බලධාරීන් විසින් කොළඹ කොටුව පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කර ඇත.
වාර්තා වන අන්දමට මහ බැංකුවේ අධි ආරක්‍ෂිත පද්ධති සහිත සේප්පුවක තැන්පත් කර තිබූ මුදල් මිටි අතුරුදන් වී ඇත.
ඒ අනුව කොළඹ කොටුව පොලිසියේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතර මහ බැංකුව අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වයි.
Share this: