මහ බැංකු අධිපතිගේ ප්‍රකාශය වැරදි ලෙස අර්ථකථනය කිරීම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

මහ බැංකු අධිපතිගේ ප්‍රකාශය වැරදි ලෙස අර්ථකථනය කිරීම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගියදා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ අදහස් වැරදි ලෙස වාර්තා කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ.

මහ බැංකුවේ අධිපති ආර්ථිකයේ දුෂ්කර කාලපරිච්ඡේදයක්‌ අපේක්‍ෂා කරන බව ප්‍රකාශ කරන ප්‍රශ්නගත මාධ්‍ය වාර්තා, ආචාර්ය වීරසිංහ විසින් ප්‍රකාශ කරන ලද අදහස් පිළිබඳ ‘දරුණු වැරදි අර්ථකථනයක්’ ලෙස සැලකේ.

“මෙය අපේක්ෂා කරන ප්‍රතිසංස්කරණ ප්‍රමාද වුවහොත් හෝ පීලි පැනීමකට ලක් වුවහොත් ඉදිරි කාලපරිච්ඡේදය තුළ ආර්ථිකයට මුහුණ දීමට සිදු විය හැකි අභියෝග පිළිබඳ සාකච්ඡාවේ සන්දර්භයෙන් බැහැරව මහ බැංකුවේ අධිපති විසින් ප්‍රකාශ කරන ලද අදහස් පිළිබඳ බරපතල වැරදි අර්ථකථනයකි”, එම නිවේදනයේ සඳහන් වේ.

Share this: