මහ බංකුව මංකොල්ලකෑම නිසා රට අගාධයට වැටුණා…______
ගෝඨාභය-මහින්ද නොමැතිනම් රටෙන් භාගයක් මෙලහටත් මැරිලා…
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර බඩල්කුඹුර යෙදී පවසයි.
වැඩිදුරටත් සඳහන් කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පසුගිය වසර පහක කාලයක් පුරා මොනරාගල දිස්ත්‍රික්කයට කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු නොවී ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික්කයේ අඩුම තරමින් ග්‍රාමසේවා වසමකට කොන්ක්‍රීට් ලෑල්ලක්වත් දමා නොමැති බවයි.
වෙල්ලස්සේ මිනිසුන්ගේ හදවත තේරුම් ගත් මා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩු කාලයේ වෙල්ලස්සේ ජනතාවට අවශ්‍ය දේ අවශ්‍ය තැනට ගෙන ආ බවත් මෙහිදී සඳහන් කළ අතර මහ බැංකුව කොල්ලකෑම නිසා රට අගාධයට වැටී ඇති කාලයක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුසංයෝගයෙන් රටේ මිනිස්සුන්ට වීමට තිබූ විශාල ආර්ථික අර්බුදයෙන් ගොඩයෑමට පියවර සූදානම් වන බව ද මෙහිදී ප්‍රකාශ කළේය.
ගෝඨාභය-මහින්ද දෙපළ නොමැතිනම් අපට රටක් නොමැති බවත්,කොරෝනා වෛරසය රටෙන් භාගයක් මේ වන විටත් මියගොස් ඇති බවත් සඳහන් කළ හිටපු අමාත්‍ය තුමා ඇඳිරි නීතිය කාලය තුළ ජනතාව නිවෙස්වල තබා සිදුකළේ මිනිසුන්ගේ ජීවිත සිර කර තැබීම නොව මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම බව එහිදී අමාත්‍යවරයා විශේෂයෙන් සඳහන් කරන ලදී.
කොරොනා වෛරසය නිසා පසුගිය කාලය පුරා ආර්ථිකයට සිදු වූ හානිය නැවත ගොඩනගා ශ්‍රී ලංකාවාසීන්ට නිදහසේ ජීවත්වීමේ ආර්ථිකයක් ගොඩනැගීමට නම් එක්දින තරඟ පවත්වන පාර්ලිමේන්තුවක් තිබිය යුතුයැයි ප්‍රකාශ කළ හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා මොනරාගල දිස්ත්‍රික්කයට කොන්දක් තිබෙන නායකයෙකු, සෘජුව කතා කරන්න පුළුවන් නායකයෙකු, වෙල්ලස්ස වෙනුවෙන් පෙනී සිටින වෙල්ලස්සේ ඉපදුනු,මඩ සුවඳ අඳුරන නායකයෙකු පත්කර ගත යුතු බව ප්‍රකාශ කළේය.