මහියංගනයේ ඇඟලුම් සේවිකාව දූෂණය කර මරා දැමූ ඝාතකයා කොටු වෙයි.

mahi1

පෙරේදා(10) මහියංගනේ ඇඟලුම් අයතනයක තරුණියක් සේවය නිමවී නිවස වෙත යාමේදී රිඩීමාලියද්ද ප්‍රදේශයේ ලදු කැලයකට ඇදගෙන ගොස් අතවර කර මරා දමා තිබූ අතර එම ඝතකයා අද පොලීසිය විසින් කොටු කරගෙන තිබෙනවා.එම අවස්තාවේදි ඝාතකයා වස පානය කර දිවිනසාගනීමට තැත් කර තිබෙන අතර ඔහුත් සමග සිටි කන්තවක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඇයද වස පනය කර තිබූ බවට එම වස්තවේ සඳහන් වෙනවා.
එම කාන්තාව සැකකාර ඝාතකයාගේ බිරිඳ බවටද වාර්තා වෙනවා.

සැකකරුගේ වයස අවුරුදු 20 ක් වන අතර ඔහුගේ බිරිඳ අවුරුදු 15 ක බාලවයස්කාර තරුණියක් වේ.එම සැකකරු තම පළමු කසාදයේ බිරිඳ අතහැර මෙම බාලවයස්කාර තරුණිය සමග කාලය ගත කර ඇත.ඔහුට ඒ සම්බන්ඳයෙන්ද උසාවියේ නඩුවක්ද පවතී.

කෙසේ නමුත් මෙම නරුමයා අතවර කර මරා දැමූ තරුණිය වේවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 18ක් වූ රම්‍යා විදර්ශණී අබේවර්ධන නම් තරුණියයි.
ඇය මීට මාස 3කට පෙර ඇයගේ මවගේ සහෝදරයාගේ නිවසට පමිණ එම රැකියාව සඳහා එහි සිට ගොස් තිබුනා.

සැකකාර ඝතකයා සහ සැකකාරා කාන්තාව රෝහල් ගත කර තිබෙන අතර මේ පිලිබඳ විමර්ශන කටයුතු මහියංගන පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරයි.

Share this: