මහින්ද වෙනුවෙන් නීතිඥයින් පිරිසක් අල්ලස් කොමිසමට

මහින්ද වෙනුවෙන් නීතිඥයින් පිරිසක් අල්ලස් කොමිසමට

මාධ්‍ය සම්බන්ධීකාරක රොහාන් වැලිවිට මහතා පවසන්නේ, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නීතීඥවරුන් පිරිසක් එම කොමිසම වෙත ගොස් ඇති බවයි. 
රොහන් වැලිවිට මහතා පැවසුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ සභාපතිවරයා විසින් අල්ලස් කොමිසම වෙත යවන ලද ලිපියකට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන බවයි.

ඒ මහතා පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතා ගෙන්වා ප‍්‍රශ්න කිරීම අනිවාර්යයෙන්ම සිදුකල යුත්තක් බව අදාල ලිපිය තුලින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය අල්ලස් කොමිසමේ බළධාරීන් වෙත දන්වා ඇති බවයි. මේ තුළින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහයට බාධාවක් සිදුවන බව ද වැලිවිට මහතා වැඩිදුරටත් පැවසිය.

Share this: