මහින්ද විරෝධී පිලේ කොටසක් වෙනම පෙරමුණකින් ඡන්දයට..

මහින්ද විරෝධී පිලේ කොටසක් වෙනම පෙරමුණකින් ඡන්දයට..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා දීමට විරෝධය දක්වන, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බලයට පත්
කළ කණ්ඩායමක් වෙනම සන්ධානයකින් ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කරයි. ජාතික හෙළ උරුමය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද විරෝධී කණ්ඩායම සහ ජනවාරි 08 වැනිදා එක්වූ බලවේග එක්ව මෙම දේශපාලන සන්ධානය ඇතිකර ගැනීමට නියමිත බවද ආරංචිමාර්ග පවසයි.
ඒ අනුව ජනවාරි 8 වැනිදා එක්වූ දේශපාලන පක්ෂ, සිවිල් හා බහුජන සංවිධාන එක් කර ගැනීමේ වැඩසටහනක් මේ වන විට ආරම්භ කර තිඛෙන බවද ආරංචිමාර්ග අනාවරණය කරයි.

මේ සම්බන්ධව ජාතික හෙළ උරුමයේ නායකයින් කිහිපදෙනෙක් සාකච්ඡා ආරම්භ කර තිඛෙන බවද දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

සංජය නල්ලපෙරුම

Share this: