“මහින්ද රාජපක්ෂ හොරුන් සමග ජීවත් වන නායකයෙක්” – අර්ජුන රණතුංග

“මහින්ද රාජපක්ෂ හොරුන් සමග ජීවත් වන නායකයෙක්” – අර්ජුන රණතුංග

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හොරුන් සමග ජීවත් වන නායකයෙක් බව, අර්ජුන රණතුංග අමාත්‍යවරයාගේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීම නිමිත්තෙන් පැවති උත්සවයකට එක්වෙමින් අර්ජුන රණතුංග අමාත්‍යවරයා මේ බව පැවසුවේය.
“පහුගියකාලයේ පාර්ලිමේන්තුව විසුරුවාට පස්සේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට කිව්වා, ගම්පහ දිස්ත්‍රික් නායකත්වය අරගෙන හොඳ ලැයිස්තුවක් හදලා දෙන්න කියලා. අපි එකතු වෙලා බුද්ධිමත්, උගත්, වැදගත් දේශපාලඥයින් පිරිසක් මේ ලැයිස්තුවට ඇතුළත් කරා. සුසිල් ප්‍රේමජයන්ත ලේකම්තුමා මේ ලැයිස්තුව මැදමුලනට අරගෙන ගියා. එතන ඉඳලා මේ වැදගත් අයගේ නම් ටික කැපුවා. හොරු, කුඩුකාරයෝ, ස්ත්‍රී දූෂකයෝ, කප්පම්කාරයෝ, කප්පම්කාරයින්ගේ නෝනලාගේ නම් දැම්මා මේ දිස්ත්‍රික්කයට. මහින්ද රාජපක්ෂ මහත්තයා මේ වගේ හොරු එක්ක ජීවත්වන නායකයෙක් කියන එක නැවත වරක් අපිට පෙන්නලා දුන්නා. එහෙම නැතිවුණා නම් සමහරවිට අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පිරිසිදු කණ්ඩායමක් එක්ක මේ මැතිවරණයට යන්න තිබුණා. ඒ තත්ත්වය වෙනස් කළේ මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක ඉන්න දේශපාලන පාළුවෝ ටික. මේ ආණ්ඩුව හදපු දවසේ ඉඳලා බලයේ හිටපු සියලු දෙනාට අවශ්‍යවෙලා තිබුණේ ඉතාමත් ඉක්මනින් බලය නැවත ලබා ගන්න.

තමුන්නාන්සේලා දන්නවා හිටපු ඇමතිවරු මොනවගේ තත්ත්වයකින්ද පටන්ගත්තේ, අද මොනවගේ තත්ත්වයකද ඉන්නේ කියලා. මම දැක්කා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා පන්සලකට ගියවෙලේ කියා සිටියා, අපේ හාමුදුරුවනේ මගේ කාලේ ඇමතිවරු හොරකම් කළා කියලා. අපි අභියෝග කරනවා, එහෙම හොරකම් කරපු ඇමතිවරුන්ගේ නම් ටික එළියට දාන්න කියලා. අද වෙනකම් ඒ නම් ටික එළියට දාන්නේ නැහැ. මොකද ඒ සියලුදෙනාම නාමයෝජනා ලැයිස්තුවේ ඉන්නවා. සුසිල් ප්‍රේමජයන්ත ලේකම්තුමා මේකට අත්සන් කරලා තියෙනවා. කවදාවත් මේ පිරිස ඉන්නකම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදන්න බැහැ.”

Share this: