“මහින්ද රාජපක්‍ෂ යළි අගමැති කළත් අපිට ප්‍රශ්නයක් නැහැ” – මනෝ ගනේෂන්

“මහින්ද රාජපක්‍ෂ යළි අගමැති කළත් අපිට ප්‍රශ්නයක් නැහැ” – මනෝ ගනේෂන්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත අගමැති ධූරයට පත්කිරීමේ ගැටලුවක් නොමැති බව සමගි ජනබලවේගය (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගනේෂන් මන්ත්‍රීවරයා අවධාරණය කළේ කුමන තනතුරු සඳහා පත්කිරීම් සිදුකළද පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා කඩිනමින් කටයුතු කළ යුතු බවයි.

“මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිකම ඉල්ලනවා කියලා රටේ ලොකු රාවයක් තියෙනවා. එතුමා අගමැති ධූරයට පත්කිරීම ගැන අපට කිසිම ගැටලුවක් නැහැ.

“නමුත් වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර අපට මැතිවරණයක් පවත්වන්න. අපි ආණ්ඩුවක් පිහිටුවනවා. එතකොට ඔබට ජනාධිපතිකම තියෙනවා. අපිට ආණ්ඩුවක් තියෙනවා.”

“අනිත් කාරණය තමයි මහජන වරම තිබෙන්නේ කා සමඟද යන්න රටට දැනගත හැකියි”, පාර්ලිමේන්තු මන්ත්‍රී ගනේෂන් කියා සිටියේය.

Share this: