මහින්ද රාජපක්ෂ මහතා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරයි!

මහින්ද රාජපක්ෂ මහතා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරයි!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දින 10ක කාලයක් සඳහා පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (08) නියෝග කළා.

ඊයේ එම නියෝගය නිකුත් කරමින් අධිකරණය 2023 අප්‍රේල් 20 සිට 30 දක්වා විදෙස් ගමන් තහනම ඉවත් කළේය.

2022 වසරේ ගාලුමුවදොර පිටියේදී රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි කොටුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ.

සමුළුවකට සහභාගිවීම සඳහා තම සේවාදායකයාට දකුණු කොරියාවට යාමට අවශ්‍ය බැවින් විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස මහින්ද රාජපක්ෂගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

එම ඉල්ලීම සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා මහින්ද රාජපක්ෂ මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කළේය.

Share this: