හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් කිසිදු ඉල්ලීමක් නොකළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.
තවද එවැනි කටකතා අසත්‍ය බවද ඔහු සඳහන් කරයි.
මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කුමන්ත්‍රණවලින් නොව ජනතා බලයෙන් අගමැතිකම ලබා ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
“ඔහු ජනතාව සමඟ අගමැතිකම අත්හැරිය අතර, ඔහු නැවත මේ රටේ නායකත්වයට පැමිණියහොත් එයද ජනතාව සමඟ වනු ඇත,” ඔහු පැවසීය.
Share this: