වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හෙට දිනයේ ඉල්ලා අස්වීමෙන් පසුව මීළඟ අගමැතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සූදානමින් සිටින බව රජයේ ප්‍රකාශකයෙක් පැවසී යැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.
අගමැති තනතුරෙන් තමන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් හෙට (21) ඒ බව ජනාධිපතිවරයාට දන්වන බවත් වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
වසර 2005 දී ශ්‍රී ලංකාවේ පස්වැනි විධායක ජනාධිපතිවරයා වීමට පෙර මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා වී සිටියේය.
Share this: