මහින්ද මහත්තයා අස් වෙන්න කැමතියි, බැසිල් ඉඩ දෙන්නේ නෑ.

මහින්ද මහත්තයා අස් වෙන්න කැමතියි, බැසිල් ඉඩ දෙන්නේ නෑ.

සජිත්ගේ සමගි ජන බලවේගය සහ ආණ්ඩුව අතර “ඩීල්” ඇති බව වාසුදේව නානයක්කාර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරයී.

වාසුදේව නානයක්කාර පැවැත්වූ මාධය හමුවේදී මාධයවේදීන් නැගූ ප්‍රශ්න සහ ලබා දුන් පිළිතුරු මෙසේය.

උපුටා ගැනීම:-
මාධ්‍ය – සජබ මෙහෙයවන්නේ බැසිල් විය හැකිද?එතුමාද කුමන්ත්‍රණය කරන්නේ?

වාසුදේව නානායක්කාර මහතා – බැසිල්ම තමයි.

මාධ්‍ය – ඒ කියන්නේ බැසිල් සහ සජිත් අතර ඩීල් එකක් තියෙනවා?

වාසුදේව නානායක්කාර මහතා -ඒක තමයි මම කියන්නේ. මම හිතන්නේ ඒක තියෙන්නේ හිටපු අගමැති හරහා. එයානේ පාර්ලිමේන්තුවේ මුලින්ම කිවුවේ දැන්ම විශ්වාසභංගය ගේන්න බෑ, පළමුව අලි සබ්‍රිට ඇහුම්කන් දෙමු කියලා. ආණ්ඩුවට එරෙහිව තදින්ම හිටපු අය තමයි දැන් බුරුල් වෙලා තියෙන්නේ.

මම කියන්නම් ඇත්ත කතාව. ඡන්දයක් ලබා ගැනීම තමයි සජබ අරමුණ. සජබ දන්නවා එතනදි තමන්ට ආණ්ඩුවක් පිහිටුවන්න අවශ්‍ය සංඛ්‍යාවම ලැබෙන්නේ නෑ කියලා. එතකොට බැසිල් මහත්තයා කියනවා එහෙම අඩුවක් තියෙනවානම් ඒ අය මම පොහොට්ටුවෙන් දෙන්නම් කියලා.

මාධ්‍ය – පරණ රොටියමද අනිත් පැත්ත දාලා දෙන්නේ?

වාසුදේව නානායක්කාර මහතා – පරණ එකම අනිත් පැත්ත දාලා තමයි එන්නේ. බැසිල් මහත්තයායි, සජිත් මහත්තයායි රොටිය පෙරළනවා.

මාධ්‍ය – මැතිවරණය ගැන මොකද කියන්නේ?

වාසුදේව නානායක්කාර මහතා – අපි වෙනම තරග කරනවා. මන්ත්‍රීවරු 50ක් විතර ස්වාධීන වෙලා අපි එකතු කර ගත්තාවූ කණ්ඩායම තමයි අපේ සන්ධානය.

මාධ්‍ය – මෙච්චර රටේ විරෝධතා තියෙද්දි බැසිල් කොහොමද මේ තරම් ප්‍රබල වුණේ?බැසිල් හොයා ගන්නත් නෑනේ?

වාසුදේව නානායක්කාර මහතා – නමුත් එතුමා දැන් පවත්වාගෙන යන ආණ්ඩුවේ ඉන්න ප්‍රබල චරිතයනේ. මහින්ද මහත්තයාට අස් වෙන්න ඉඩ දෙන්නේ නැත්තෙත් එයානේ.

මාධ්‍ය- මහින්ද මහත්තයා අස් වෙන්න කැමතියි, බැසිල් ඉඩ දෙන්නේ නෑ. එහෙමද?

වාසුදේව නානායක්කාර මහතා -ඔව්. එහෙමනේ ඔය නවත්වාගෙන තියෙන්නේ. මේ මගේ තේරුම හොඳේ.

මාධ්‍ය – ඔබතුමාලට ප්‍රබලයෝ රැසක් ඉන්නවානේ. මුකුත් කරන්න බැරිද මේකට?

වාසුදේව නානායක්කාර මහතා – මුකුත් කරන්න බෑ. නීතියෙන් ඉඩක් නෑ. විශ්වාසභංග යෝජනාව ගෙනඒම හැර වෙන කරන්න දෙයක් නෑ. මේක හෙළිදරව් කිරීම පමණයි අනිත් පැත්තෙන් කරන්න පුළුවන්. ජනතාව ගෝඨාභයට යන්න කිව්වාට මෙහේ බැසිල් ආණ්ඩුව පවත්වාගෙන යනවා. දැනට ජනතාවට කියන්න තියෙන්නේ යන පාටක් නැති බවයි. ජනතාවට තියෙන්නේ ඒ වෙනුවෙන් බලපෑම් කරන්න. අඩු තරමේ යන්න කියලා මහින්ද මහත්තයාට ලියුම් එවන්න.

මාධ්‍ය – සජබ විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ගේන්නේ නෑ කියලාද කියන්නේ ?

වාසුදේව නානායක්කාර මහතා – ගෙන එන්නේ නෑ කියන එක නොවෙයි, ගෙන ඒම නොයෙක් හේතු මත දැන් දක්වා සුමාන 03ක් පමා කරමින් තිබෙනවා. ආයෙත් පාර්ලිමේන්තුව තියෙන්නේ ලබන සුමානේ නොවෙයි ඊළඟ සුමානේ. මොකක් හරි දෙයක් වේවි කියලා ආණ්ඩුවට කල්දිදී ඉන්නවා. දැන් පෙට්‍රල් පෝලිමත් අඩුයි.විශ්වාසභංගායේදී අපිට තහවුරු වෙන්න ඕනෑ මන්ත්‍රී සංඛ්‍යාව. එහෙම නැතිව ඒක නොපිටට ගියොත් ඒක අපිට පාඩුවක්.

මාධ්‍ය – බැසිල්ට අනුව දැනුත් සජිත් අගමැති කරන්න පුළුවන්නේ?

වාසුදේව නානායක්කාර මහතා – සජිත්ව දැනට අගමැති කරන්න බෑ. මුලින්ම මේ ආණ්ඩුව අයින් කරන්න ඕනෑ. එයා බෑ කියලා තියෙනවානේ මේ ආණ්ඩුව එක්ක එකතු වෙන්න. සියලු දේවල් එයා කියන්නේ නොකෙරෙන විදියට.

මාධ්‍ය – මේ දේශපාලන පක්ෂ දෙකම පාලනය කරන්නේ බැසිල් රාජපක්ෂද?

වාසුදේව නානායක්කාර මහතා – එකක් පාලනය කරනවා. අනික තමන්ගේ වැඩපිළිවෙළට ඇතුල් කරගෙන තියෙන්නේ.

Share this: