මධ්‍යම පළාත් සභාවේ සභාපති, මහින්ද අබේකෝන් මහතා චෝදනා 3ක් යටතේ වසර දෙකහමාරක සිරදඬුවම් නියම වී ඇත.
2001 දෙසැම්බර් මස 5 වන දින පැවති මහ මැතිවරණයේදී ගලහ වතු අධිකාරී කාර්යාල ඡන්ද මධ්‍යස්ථානයේදී සිදු වූ මැතිවරණ නිලධාරීන්ට අයුතු බලපෑම් කිරීම ඇතුළු ඡන්ද අක්‍රමිකතාවන්ට අදාළ චෝදනා 3ක් සම්බන්ධයෙන් වරදකරුවීම නිසා මෙම දඬුවම් හිමිවී තිබේ.
ඒ අනුව, මහනුවර මහධිකරණ විනිසුරුවරිට මේනකා විජේසුන්දර විසින් මෙම තීන්දුව ලබාදී ඇති බව සඳහන් වේ.
තවද, මහින්ද අබේකෝන් මහතා මහනුවර දිස්ත්‍රික්කයේ පහත හේවා හැට ශ්‍රී. ල.නි.ප. සංවිධානයකවරයා ලෙසද කටයුතු කර තිබේ.
අදාළ සිද්ධියට පුද්ගලයින් 14 දෙනෙකු චෝදනා ලැබ සිටි ඇති අතර ඉන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබුනි.
තවත් පුද්ගලයින් 11 දෙනෙකු අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර ඇති අතර මධ්‍යම පළාත් සභාවේ සභාපති මහින්ද අබේකෝන් මහතා චෝදනා 3ක් යටතේ මෙලෙස වසර දෙකහමාරක සිරදඬුවම් නියම වී ඇත.