මහින්දානන්දගේත් රෙඩ් පොට් වෙන ලකුණු.

මහින්දානන්දගේත් රෙඩ් පොට් වෙන ලකුණු.

ත්‍රිපුද්ගල මහ අධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතින මහින්දානන්ද අලුත්ගමගේට එරෙහි කැරම්බෝඩ් නඩුව අවසන් වන තුරු ඔහුට විදෙස් ගමන් තහනමක් පනවන ලෙස ඉල්ලීමක් කරන්නැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් සමාජවාදී තරුණ සංගමය ඉල්ලීමක් කරනු ලැබීය.

එම සංගමයේ ජාතික කමිටු සාමාජිකා නීතීඥ ශානිකා ද සිල්වා, එහි ජාතික සංවිධායක එරංග ගුණසේකර පුමුඛ පිරිසක් විසින් අද (28) මෙම ඉල්ලීම කරනු ලැබීය. 2017 වර්ශයේදී සතොස මුදල් රුපියල් කෝටි 04කට අධික ප්‍රමාණයක් අවභාවිතා කරමින් කැරම්බෝඩ් මිලදී ගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා හැරියේයැයි සටහන් කර තිබේ. නමුත් එවැනි ක්‍රීඩා උපකරණ පිළිබඳව කිසිදු නිල ලේඛනයක් තිබී නැත.

Share this: