මහින්දගේ ප්‍රධානත්වයෙන් පුණ්‍යාමෝදනාවක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් පුණ්‍යාමෝදනාවක්

නිමා වුනු කුරිරු යුද්දය වෙනුවෙන් දිවි කැප කළ සියලු ජාතික වීරවරුන් සිහිකර ලබන 15දා කතරගම කිරිවෙහෙරේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පුණ්‍යානුමෝදනාවක් පවත්වන බව පැපිලියාන සුනේත්‍රා දේවී පිරිවෙනේ පරිවේණාධිපති ආචාර්ය පූජ්‍ය මැදගොඩ අ‍භයතිස්ස හිමියන් පවසයි.

උඩරට ගිවිසුම ගැසට් නිවේදනයක් ලෙස ප්‍රකාශයට පත් කර එයට වසර 200ක් පිරී‍ම නිමිත්තෙන් මෙය පවත්වන බව උන්වහන්සේ ‍මාධ්‍ය හමුවකදී පැවසුවේය.

උන්වහන්සේ එහිදී පෙන්වාදුන්නේ, 1948 වසරේදී මෙරට නිදහස ලබාගත් බව පැවසුවද එය තවමත් අර්ථවත් ලෙස ලැබී නැති බවත්, අදටත් අධිරාජ්‍යවාදී හස්ථ දිගුවන බවත් ය.

තවද අභයතිස්ස හිමියන් පැවසියේ, ශ්‍රී ලංකාවට බටහිර අධිරාජ්‍යවාදින්ගෙන් නිදහස ලබා ගැනීම සඳහා අතීතයේදී ගිහි – පැවිදි, උගත් – නූගත්, ස්ත්‍රී – පුරුෂ සියලුදෙනා කැපවූ බවත්, එසේ කැපවූ සියලුදෙනා සිහිකර මෙම පුණ්‍යාමෝදනාව පවත්වන බවත්, ඊට සුදුසුම තැනැත්තා වර්තමාන නිදහසේ ජීවමාන සාක්ෂිකරු වන හිටපු ජනපතිවරයා බවත්ය.

ඒ අනූව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා‍ගේ ප්‍රදානත්වයෙන් මහ සංඝරත්න‍ෙය් ආශිර්වාදය සමගින් දේශ හිතෛෂී ජනතාව ඒකරාශි කර ගෙන මෙය සිදුකරන බව උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේය.

Share this: