මහා වැස්සේ දරුණු තවත් වෙයි! 4ක් මරුට!

මහා වැස්සේ දරුණු තවත් වෙයි! 4ක් මරුට!

මහ වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 11 ක පවුල් 5,212කට අයත්, 21,888 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. මේම ආපදා තත්වය හේතුවෙන් මරණ 4 ක්ද වාර්තා වී ඇත.

අවතැන් වූ පවුල් 64කට අයත් 264 දෙනකු ආරක්ෂිත ස්ථාන 4ක රඳවා ඇත. කොළඹ, කළුතර, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය, හම්බන්තොට, ගාල්ල,  ගම්පහ, රත්නපුර,  කෑගල්ල, පුත්තලම සහ මහනුවර දිස්ත්‍රික්කවල ජනතාව මෙලෙස මහ වැසි හේතුවෙන් පීඩාවට පත්ව ඇත.

මෙම හදිසි ආපදා තත්වයෙන් හේතුවෙන් නිවාස 117කට අර්ධ හානි සිදු ඇත. තවත් නිවාස 2ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

Share this: