55 වන වරටත් පොළොන්නරුව බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද පොසොන් මහා බත් දන්සැල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් අද (02) දහවල් විවෘත කෙරිනි.
ජනාධිපතිතුමා විසින් මහා සංඝරත්නය විෂයෙහි සාංඝික දානය පිළිගැන්වීමෙන් අනතුරුව බත් දන්සැල ආරම්භ කෙරුණු අතර, පොළොන්නරුව බෞද්ධ සංගමයේ සභාපතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි පොළොන්නරුව පූජා භූමිය අසළ වාර්ෂිකව සංවිධානය කෙරෙන මෙම මහා දන්සැලට අතිවිශාල ජනතාවක් එක් වෙති.
තවද, දැන්සැල විවෘත කිරීමත් සමග පොළොන්නරුව පූජා භූමිය වෙත පැමිණ සිටි අතිවිශාල ජනතාවක් දන්සැල වෙත පැමිණි අතර එම ජනතාව ඉතා සුහදශිලිව පිළිගත් ජනාධිපතිතුමා ඔවුන් සමග සුහද කථා බහක නිරත විය.
මේ අතර දන්සැලේ ආහාර පිසීමේ කටයුතුද පෞද්ගලිකවම සොයා බැලීමට ජනාධිපතිතුමා කටයුතු කල අතර, අනතුරුව ඔවුන්ට ආහාර පාන වලින් සංග්‍රහ කිරීමටද එක් විය.
අද සහ හෙට දෙදින පුරා මෙම දන්සැල පැවැත්වේ.
අද දන්සැල විවෘත කෙරුණු අවස්ථාවට උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි යන මහත්වරුන් ඇතුලූ පක්ෂ, විපක්ෂ මහජන නියෝජිතයින් රැසක් එක්ව සිටියහ.