මහාපරිමාණ ATM කාඩ්පත් වංචාවක්

මහාපරිමාණ ATM කාඩ්පත් වංචාවක්

ATM කාඩ්පත් මගින් මූල්‍ය වංචාවක් සිදුකළ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ අදාළ පුද්ගලයා සතුව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර කාඩ්පත් 15කට ආසන්න ප්‍රමාණයක් තිබූ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා ATM යන්ත්‍රයෙන් මුදල් ගැනීමට පැමිණෙන අයට සහය වන මුවාවෙන් ATM කාඩ්පත්වල රහස් අංකය ලබාගෙන පසුව ඔවුන්ගේ ATM කාඩ්පත තබාගෙන ඒ වෙනුවට ව්‍යාජ ATM කාඩ්පතක් ලබා දෙන බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

පිළියන්දල, කොට්ටාව, දෙහිවල, මිරිහාන, මහරගම ඇතුළු පොලිස් ස්ථාන රැසකට පැමිණිලි 50කට අධික ප්‍රමාණයක් ලැබීමෙන් අනතුරුව අප්‍රේල් 10 වැනිදා රාත්‍රියේ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.

Share this: