පසු ගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහනය වෙනුවෙන් කැප වුනු මහරගම එක්සත් ජාතික පක්ෂ පාක්‍ෂිකයින්ට උපහාර පිදීමේ සුහද හමුවක් අධිකරණ සහ කම්කරු සම්බන්ධතා අමාත්‍ය අාචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයේන් පසුගියදා(08) මහරගම දී පැවැත්විණි.
බුද්ධශාසන අමාත්‍ය කරූ ජයසූරිය මහතා හා ප්‍රේමරත්න ගුණසේකර, නිමල් අාර් පීරිස්, රෝඩ්නි ප්‍රේෂර් අතුළු මහරගම අාසනය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ දේශපාලනඥයින් රැසක් මෙම අවස්ථාවට එක් විය.
විශාල ජන සහභාගීත්වයකින් පැවති මෙම හමුවේදී අදහස් පල කළ දේශපාලනඥයින් පැවසූවේ ලබා ගත් මෙම ජයග්‍රහනය ඉදිරි මැතිවරණ වලදී ද වඩාත් ශක්තිමත් කරමින් ඉදිරියටම ගෙන යාමට එක්සත් ජාතික පක්ෂ පාක්‍ෂිකයන් අධිෂ්ඨානයෙන් කැප විය යුතු බවයි. ඒ තුලින් ජනතාව බලාපොරොත්තු වූ වෙනස හා යහ පාලනය ස්ථාපිත කල හැකි බව ඔවුන් වැඩි දුරටත් පෙන්වා දුන්හ.
අමාත්‍ය අාචාර්ය විජේදාස රාජපක්ෂ මහතා හමුවීමට අවශ්‍ය නම් ඉරිදා, අඟහරුවාදා හා බදාදා උදෑසන 10 සිට සවස 3 දක්වා පිලිවෙලින් කළල්ගොඩ එක්සත් ජාතික පක්ෂ කාර්‍යාලයේ, ආධිකරණ අමාත්‍යංශයේ හා කම්කරු අමාත්‍යංශයේ පැවැත්වෙන මහජන දිනයන් හීදී හැකි බව අමාත්‍ය තුමාගේ මහජන සම්බන්ධතා නිළධාරී අශෝක ප්‍රනාන්දු මහතා සදහන් කළේය.
මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් ගුණවර්ධන මහතා අැතුළු පොලිස් නිළධාරීන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
ඡයාරූප – රොහාන් ප්‍රදීප් විතාරණ