මහමැතිවරණය කල්දැමීමේ කුමන්ත‍්‍රණයක්

මහමැතිවරණය කල්දැමීමේ කුමන්ත‍්‍රණයක්

නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න මහතා පවසන්නේ, මහ මැතිවරණය කල්දැමීමට කුමන්ත‍්‍රණකාරීන් පිරිසක් උත්සාහ ගන්නා බවයි.

අවිස්සාවේල්ල හන්වැල්ලේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේ .

ව්‍යවස්ථාදායක සභාවට සිවිල් පුරවැසියන් තෝරා ගැනීම සඳහා කැඳවූ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් මත පළවු බව නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ යි.

තවද පවතින පාර්ලිමේන්තුවට ලබාදී ඇති බලය අවසන්ව ඇති බැවින් විසුරුවා හැරීම වඩාත් උචිත වන බවයි ඇතැම් දේශපාලන පක්ෂ ප‍්‍රකාශ කළේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවෙ, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පියවර ගතයුතු බව තවත් දේශපාලන පක්ෂ පෙන්වා දුන් බවයි.

Share this: