මහනුවර ප්‍රධාන පාසල් තුනක උසස් පෙළ සිසුන් තිදෙනකු ගංජා සමග අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලීසියේ දූෂණ මර්දන අංශය කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
අත්අඩංගුවට ගත් සිසුන් උපකාරක පන්තිවලට සහභාගි වීමට පැමිණ සිටි අතරතුර මහනුවර ජෝර්ජ් ඊ. ද සිල්වා උද්‍යානයේ ගංජා ඉරීමට සූදානම් වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතුව තිබී ගංජා ප්‍රමාණය මිලිග්‍රෑම් 3000ක් සොයාගන්න ලදී.
Share this: