මහනුවර රැළියට ප්‍රසන්න සහ ලංසා නොයයි, දිළුම් යයි

මහනුවර රැළියට ප්‍රසන්න සහ ලංසා නොයයි, දිළුම් යයි

රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකත්වයට ගෙන ආ යුතු බවට මතවාදයක් ගොඩනඟන පිලේ සිටින ප්‍රබල චරිතයක් වන බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ රාත්‍රීයේ විදේශගත වී තිබේ.

මේ බව ඔහුගේ මාධ්‍ය ඒකකය පැවසීය.

ඔස්ට්‍රේලියානු රජයේ ආරාධනයක් මත සංවිධානය කරතිබූ සති 3ක සංචාරයක් වුවද, සතියකින් එම සංචාරය නිමවා ප්‍රධාන ඇමතිවරයා යළි දිවයිනට පැමිණෙන බවත්, මාධ්‍ය ඒකකයේ නිලධාරියෙක් කියා සිටියේය.

ප්‍රසන්න රණතුංග මහතා පවසා තිබුනේ, හිටපු ජනපතිවරයා යළි බලයට ගෙනඒමට සංවිධානය කරන එවැනි රැස්වීම් වලට සහභාගි නොවිය යුතු බවට විනය නීති පැනවීම අනුමත නොකරන බවයි.

ප්‍රසන්න රණතුංග මහතා පසුගිය මස 18 දා නුගේගොඩ සංවිධානය කර තිබූ රැළියට ද බස්නාහිර පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රීන් රැසක් සමග සහබගි විය .

මේ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා යළි දේශපාලනයට ගෙන ඒම වෙනුවෙන් මහනුවරදී හෙට (06) රැළියක් පැවැත්වීමට නියමිතය.

මහනුවර දී හෙට පැවැත්වෙන රැස්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සහභාගි වන බවද වාර්තා වේ.

එම රැලිය සම්බන්ධයෙන් දැනුවත් කෙරෙන මාධ්‍ය හමුවක් අද පෙරවරුවේ මහනුවරදී පැවැත්වීමට නියමිත අතර එහිදී හෙට රැළියට සහභාගි වන අය ගැන ද කරුණු හෙළි කිරීමට නියමිතව ඇත.

වෙනත් දේශපාලන පක්ෂ විසින් සංවිධානය කරන රැස්වීම් සඳහා සහභාගී නොවීම ඇතුළු විනය මාලාවක් පනවා තිබිය දී අදාළ රැස්වීමට සහභාගි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගම මහතා කියයි.

කෙසේ වුවද බස්නාහිර පළාත් සභා අමාත්‍ය නිමල් ලංසා මහතා පවසන්නේ තමන් ඊට සහභාගි නොවන බවයි.

Share this: