මහනුවර මහනගර සභාව මරණ දඩුවම් යෝජනාව ඒකමතිකව සම්මත කරයි.

මහනුවර මහනගර සභාව මරණ දඩුවම් යෝජනාව ඒකමතිකව සම්මත කරයි.

රටේ සිදුවන අපරාධ රැල්ල ඉහළ යාම නිසා නැවතත් මරණ දඩුවම ක‍්‍රියාත්මක කළ යුතු බවට මහනුවර මහනගර සභාවේ දී (29) යෝඡනාවක් ඒකමතිකව සම්මත කෙරිණි. මහනුවර මහනගර සභා ගොඩනැගිල්ලේ පිහිටි සභා රැස්වීම් ශාලාෙවීදී මහනුවර නගරාධීපති මහේන්ද්‍ර රත්වත්තේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති නගර සභා මාසික රැස්වීමේ දී මෙම යෝජනාව සම්මත විය.

මහනුවර මහනගර සභාවේ නියොජ්‍යය නගරාධීපති සේන දිසානායක මහතා විසින් මෙම යෝජනාව නගර සභාවට ගෙන ආ අතර එය ස්ථීර කරනු ලැබුවේ මහනුවර නගර සභාවේ විපක්ෂ එක්සත් ඡාතික පක්ෂ මන්ත්‍රී විපුල රණසිංහ මහතා විසිනි.

නගරසභා මන්ත්‍රීරීවරුන් සියලූ දෙනාගේම එකගත්වයෙන් මෙම සම්මත කරගත් යෝඡනාව සම්බන්ධව ඡනාධීපති තුමාට සහ අගමැති වරයාට දන්වා යැවීමට වහා පියවර ගන්නා ලෙසද මන්ත්‍රීරීවරු එහිදී ප‍්‍රකාශ කළහ.

කෙසේ වෙතත් මල්වතු පාර්ශවයේ ඡ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහෝපාධ්‍යාය අලූත්ගම ධම්මානන්ද හිමියන් සදහන් කරන්නේ මරණ දඩුවම යළි ක‍්‍රීයාත්මක කළත් මිනීමැරුම් සහ අපරාධ අඩු නොවන බවයි. ඒ සදහා කළ යුත්තේ නැවත එල්ලූම් ගස ගෙන එ්ම නොව මහඡනතාවගේ සිත් හෑදීමේ වැඩපළීවෙලක් ඇතිකළ යුතු බවයි. උන්වහන්සේ එල්ලූම් ගසට නියම වූ සිරකරුවන් හට කළක් තිස්සේ බණ දේශනා කළ හිමිනමකි.

Share this: