මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමට නව අමෙරිකානු තානාපති අතුල් කෙෂප් මහතා ගොස් ඇත.
ශ්‍රී ලංකාවේ අමෙරිකානු නව තානාපතිවරයා ලෙස වැඩ බාරගැනීමෙන් අනතුරුව ඊයේ පස්වරුවේ ඔහු මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ඇත.
ශ්‍රී දළදා සමිදුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව අමෙරිකානු තානාපතිවරයා අස්ගිරි සහ මල්වතු මහනාහිමිවරුන් බැහැදැක තිබු අතර, මෙම අවස්ථාවට බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාද එක්ව ඇත.
මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමෙරිකානු තානාපති අතුල් කෙෂප් මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ වත්මන් රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අමෙරිකාව බලාපෙතේතු වන බව සහ, වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ පවතින ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ පිළිබඳව සතුටට පත්වන බවද අමෙරිකානු තානාපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.
Share this: