කොළඹ නගර සභාවේ මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 12 දෙනෙක් රාජකාරිවලින් ඉවත් වී දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට යොමුවී ඇත. ඒ ඔවුන්ට PCR පරීක්ෂණ සිදුකරන්නැයි කළ ඉල්ලීමක් සෞඛ්‍ය බලධාරීන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් බවයි එම නිලධාරීන් ලිපියක් යොමු කරමින් සඳහන් කරන්නේ.
කොරෝනා මර්ධනය සඳහා කොළඹ නගරයේ රාජකාරි කළ තම කණ්ඩායමට කොරෝනා වෛරසය ආසාධනය වී ඇත්දැයි සැකයක් මතුවී ඇති බවයි ඔවුන් ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ.
Share this: