මවගේ වියෝව

මවගේ වියෝව

මගේ දයාබර අම්මේ
ඔබේ සෙනෙහස
කරුණාව, දයාව, ආදරය
අමිලය, උතුම්ය
ඔබ අද අප හැරදා ගියත්
ඔබ අපට පෑ ඒ උතුම් දයාව
කරුණාව, සෙනහස, ආදරය
අප හදවත් තුල
සදා නොමියෙනු ඇත.

අවුරුදු අඩක් ලෙඩ රෝ දුක් ගත රන්දා
වෙදදුරු තුමන්ලගේ ඛෙහෙතුත් පිලි පැද්දා
මෙලෙසින් යන්ට සිදුඋනෙ අද සැම හැරදා
අප සැලකුවා අම්මේ මදිවද මන්දා

කොග්ගලූ ආර අභිනවරාමයෙහි ගරු
නායක හිමියනුත් අද මෙහි වැඩම කෙරූ
මවහට සෙත් පතා පිරිතක් දෙසුව ගරු
අම්මේ ඔබට අප නය දිවි තිඛෙන තුරු

අවුරුදු අසූවකි ජීවන ගමන් මග
අවසන් කලේ දහනව වැනි දිනේ අග
දරු මුණුපුරු පිරිස දමමින් අතර මග
වාවා ගනු බැරිව වෑහෙයි කඳුළු ගග

දරුවකු හදා සසුනට පූජා කෙරුව
දන් පැන් නිතර මග සඟනට පුද කෙරුව
ඔබ නිදියන්නෙ අම්මේ අද උඩ කුරුව
මේකද අපට අනියත බුදු හිමි දෙසුව

ඔබ නැති බැවින් අද බුදු ගෙය පාලුවෙලා
මල් වට්ටියත්, පහනත් ඇත මිලින වෙලා
සැරයටියත් ඉදී ගෙයි මුල්ලකට වෙලා
ඔබ නැති අඩුව පෙන්වයි අද සුසුම් හෙලා

මරුවා සමග යන්නට තීරන ගත්ත
අම්මේ අපට නොදැනේ දැන් කල යුත්ත
වැලපෙයි එක හඬින් දරු මුනුපුර රොත්ත
පාළුයි අම්මෙ අද මේ පොලියර් වත්ත

විසිතුන් වසක් විය පිය නෙසෙහස නැතුව
අම්මේ ඔබ නිසා නොදැනුනි ඒ අඩුව
අද දින ඔබත් උදුරා ගත්තෙමි මරුව
කාටද කියන්නේ අපි මේ අව නඩුව

කිසිවකු නොමළ ගෙයකින් අබ ගේන කියා
ගෝතමි කිසා හට බුදු හිමි දෙසූ එදා
ඒ බව පසක් කර ගියෙ ඔබ අප හැරදා
වඳිනෙමි අම්මේ ඔඛෙ පායුග දෝත තියා

පෝදා අඹරෙ සඳ මෙන් සිත පහන් විය
මෙත් මුදිතා ගුණය මුවගින් ගලා ගිය
දන් සිිල් භාවනා නිතරම පැවැත් විය
අම්මේ ඔබේ හදවත පිං කෙතක් විය

දස මස කුස දරා ලෝකෙට බිහි කෙරුවා
අම්මේ ඔබේ ලේ කිරි කර මට පෙවුවා
මගෙ දරුවනුත් දුක් විඳ ඇති දැඩි කෙරුවා
මතු අත්බවේ ඔබ මගෙ අම්මා වේවා

ඉරගල නුවර ඉරගල පවතිනා තුරු
සඳගල නුවර සඳගල පවතිනා තුරු
දළදා මැදුරෙ රන්කොත බබළනා තුරු
ඔබ ගුණ ගයමි අම්මේ දිවි තිබෙන තුරු

ශෝකාකූල මහ සෙනගකි නිවස තුල
මහ සඟ රුවන පහනකි මෙහි වැඩම කල
පිරිකර පුදා පැන් වත්කොට දරුවො කැල
අම්මෙ ඔබට පතනෙමි අද නිවන් ඵල

ඔඛෙ ගුන මෙපමණැකි කීමට නම් බැරිය
අප සැම දෙනට කළ සේවය අප මතය
අද සෝ සුසුම් මැද කවුරුත් ඔබ ලඟය
හෙට හිමි වන්නෙ ඉවසනු බැර තනි කමය

රූපය දිරයි නාමය නොදිරයි දෙසුම
යන බුදු වදන නිති දෙසවන තුල මතුව
ශෝකය දරාගෙන සැම දහමට අනුව
ඔබ හට පතන්නෙමි අම්මේ නිවන් සුව

සංකල්පණය – එම්.එච්.එම්. අතපත්තු
462/1,
බලගොල්ල,කෙන්ගල්ල
මහනුවර

Share this: