මවගේ ඝාතනයට පුත්‍රයා අත්අඩංගුවට?

මවගේ ඝාතනයට පුත්‍රයා අත්අඩංගුවට?

කහවත්ත, කොටකෙතන පදිංචි 39 හැවිරිදි දෙදරු මවක පසුගිය සෙනසුරාදා (04) රාත්‍රී අතුරුදන් බවට කහවත්ත පොලිසියට පසුවදා පැමිණිල්ලක් ලැබිණ.

ඒ අනූව අදාළ කාන්තාව සොයා පොලිසිය, නාවික හමුදාව, විශේෂ කාර්ය බළකාය ඇතුළු ආරක්ෂක අංශ සහ ප්‍රදේශවාසින් මෙහෙයුම් ඇරඹීය.

එහි ප්‍රතිඵලයක් ලෙස මියගිය කාන්තාවගේ බවට සැක කෙරෙන මළසිරුරක් කොටකෙතන ඇළේ තිබියදී පසුගිය 6 වැනිදා සොයාගන්නා ලදී.

තවද, කහවත්ත, කොටකෙතන ප්‍රදේශයේ පසුගිය සෙනසුරාදා රාත්‍රී සිදුවූ දෙදරු මවගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ 18 හැවිරිදි පුත්‍රයා පොලීසිය විසින් අද සවස අත්අඩංගුවට ගෙන තිබේ.

කොටකෙතන ප්‍රදේශයේදී සැකකාර පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රශ්න කිරීම සඳහා ඔහු කොළඹට රැගෙන එන බව පොලිසිය කියයි.

Share this: