මර්වින් සිල්වාට නොතීසි

මර්වින් සිල්වාට නොතීසි

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින්, හිටපු මහජන සබඳතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇත.

මීට පෙරාතුවද මර්වින් සිල්වා මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණු අතර ඊයේ දිනයේ (25) හෙතෙම එලෙස අධිකරණයේ පෙනී නොසිටි බැවින් නොවැම්බර් මස 11 වන දින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය විසින් නොතීසි නිකුත් කර ඇත.

ඔහුට මෙසේ නොතීසි නිකුත් කර ඇතේ, ඉකුත් පාලන සමයේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු පැහැරගෙන යාමට අදාළව ඔවුන්ගේ බිරින්දෑවරුන් හා ඥාතීන් විසින් ගොනුකර තිබුණු පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී පැමිණිල්ලේ නීතිඥයින් විසින් අධිකරණයට පෙන්වාදී තිබුණේ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා විසින් මීට පෙරාතුව යම් යම් පැහැරගැනීම් වලට අදාළව තොරතුරු තමන් දන්නා බවට රහස් පොලීසියට ප්‍රකාශයක් ලබාදී තිබුණු බවයි.

එම නිසා මෙම පැහැරගැනීම් වලට අදාළවද යම් තොරතුරක් මර්වින් සිල්වා මහතා විසින් දැනසිටීමට ඉඩඇති බැවින් ඒ පිළිබඳ ඔහු අධිකරණයට කැඳවා ‍තොරතුරු විමසීම වැදගත් බව නීතිඥයින් විසින් අධිකරණයට පෙන්වාදීමෙන් පසු පළමු වරට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මර්වින් සිල්වා මහතාට නොතීසි නිකුත් කර ඇත.

Share this: