ඊයේ (25) මරදාන එළිෆිනිස්ටන් රඟහල අසළ ගොඩනැඟිල්ලක හදිසියේ ගින්නක් හටගෙන ඇති අතර එම ගින්නට මැදිවූ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මීට පෙරාතුව වාර්තාවූයේ ගින්නෙන් තිදෙනෙකු බේරාගත් බව වුවද එම අවස්ථාවේදීම ඔවුන් මිය ගොස් තිබුණු බව පසුව වාර්තා විය.
මේ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කර සිටියේ ගින්නට මැදිවූ තවත් අයෙකු බේරාගැනීමට මේවන විටත් උත්සාහ දරමින් සිටින බවයි.
නමුත්, පසුව අපට ආරංචි වුයේ මේ වන විට ඔහුද මිය ගොස් ඇති බවයි. ඒ අනුව මේ වන විට මෙම ගින්නෙන් පුත්ගලින් තුන්දෙනෙක් මිය ගොස් ඇත.
ගිනි නිවන රථ 8ක් බවිතාකරමින්, මේවන විට ගින්න මුළුමනින්ම පාහේ පාලනය කර ඇති බවත් කොළඹ මහනගර සභාවේ ගිනි නිවන ඒකකය සඳහන් කරයි.
ගොඩනැඟිල්ලේ හෝටලයක පළමුව ගින්න හටගෙන අනතුරුව අසළ තවත් කඩකාමරයක් දක්වාද ගින්න පැතිරී තිබින.
Share this: