පුද්ගලයෙකු තම පවුලේ සාමාජිකයින් 7 දෙනෙකු ඝාතනය කළ පුවතක් විදෙස් මාධ්‍ය වරක් වාර්තා කළා.
මෙම සංවේදී පුවත වාර්තා වූයේ ඇමරිකාවේ Enoch නගරයෙනි.
මෙම අමානුෂික ඝාතනයට හේතුව ඔහුගේ 40 හැවිරිදි බිරිඳ විසින් දික්කසාද කිරීම සඳහා වූ ඉල්ලීමක් බවද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
තම පවුලේ සාමාජිකයින් හත් දෙනෙකු ඝාතනය කිරීමෙන් පසු 42 හැවිරිදි පුද්ගලයා ද එම ස්ථානයේදීම සියදිවි හානිකරගෙන තිබෙනවා.
සැකකරු මෙහිදී කාන්තාවට සහ කුඩා දරුවන් පස් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කර ඇත.
මියගිය ළමුන් අවුරුදු 4ත් 17ත් අතර පසුවන්නන් බවද අනාවරණය විය.
මියගිය අය අතර ඔහුගේ වයස අවුරුදු 78ක් වන නැන්දම්මා ද සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.
Share this: