මරණ දඬුවම නියමවූ ලාංකිකයින් තිදෙනාට උපරිම සහන

මරණ දඬුවම නියමවූ ලාංකිකයින් තිදෙනාට උපරිම සහන

විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය පැවසුයේ සෞදි ආරාබියේ මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකිකයින් තිදෙනා පිළිබඳ ගත හැකි උපරිම සහන ලබාගැනීම සඳහා මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි.

අමාත්‍යවරිය සඳහන් කරේ විදේශ කටයුතු අමාත්‍යංශය සමඟ එක්ව ඊට අදාළ පියවර ගැනීමට කටයුතු කරන බවයි.

මරණ දඬුවමට ලක්ව සිටින තිදෙනාට මරණ දඬුවම වෙනුවට සිර දඬුවමක් ලබා ගත හැකිද යන්න පිළිබඳව මෙන්ම, එම දඬුවම ශ්‍රී ලංකාවේ සිර මැදිරියක ගත කළ හැකිද යන්න පිළිබඳ සෞදි රජයෙන් මේ වනවිටත් ඉල්ලීම් කර ඇති බව ඇය පෙන්වා දෙයි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරිය සඳහන් කළේ විදේශ රැකියා සඳහා ගොස් විවිධ හේතුන් මත සිර දඬුවම් විදින කාන්තාවන් සම්බන්ධයෙන් ද වත්මන් රජයේ අවධානය යොමුව ඇති බවයි.

අසරණව සිටින විදෙස් ශ්‍රමිකයින් සම්බන්ධයෙන් අවශ්‍ය සෑම පියවරක්ම ගැනීමට දින සියයේ වැඩපිළිවෙළ යටතේ කටයුතු යොදා ඇති බවද තලතා අතුකෝරාල මහත්මිය එහිදි කියා සිටියේය.

තලතා අතුකෝරාල මහත්මිය මෙම අදහස් පළ කළේ. බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

Share this: