නව රජයේ නව වැඩපිළිවෙල යටතේ මරණ දණ්ඩනයට ලක් වී සිටින පුද්ගලයින්ට යම් සහනයක් ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බව අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් වු නව නීතිමය රාමුවක් නොබො දිනකින් ගෙනඒමට බලාපොරොත්තු වන බව සුජීව සේනසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා කියයිග
එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හේතුවෙන් අත්අඩංගුවට පත් වු පුද්ගලයින් සෘජුවම පුනරුත්ථාපන මධ්‍යස්ථාන කෙරෙහි යොමුකිරීමේ විශේෂ වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් ද නව රජයේ අවධානය යොමුව ඇති බව සඳහන්ය.
අද පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ පැවති උත්සවයකට එක්වෙමින් අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සූජීව සේනසිංහ මහතා මෙම අදහස් පළ කළේය.
Share this: