මරණීය දණ්ඩනය ලැබූ සිරකරුවෙක් උසස් පෙළ ලියයි!

මරණීය දණ්ඩනය ලැබූ සිරකරුවෙක් උසස් පෙළ ලියයි!

මරණ දණ්ඩනයට නියම වී සිටින සිරකරුවෙකු මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින බව බන්ධනාගාර සේවය පවසයි.

රැඳවියා “අනුශය ආසව” නමින් නවකතාවක් ද ලිව්වේ බන්ධනාගාරයේ සිටියදීය.

2022/23 අපෝස උසස් පෙළ විභාගයට වැලිකඩ බන්ධනාගාරයෙන් සිව් දෙනෙකු ඔහු හා එක්වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් විභාගයට පෙනී සිටින්නේ වැලිකඩ නව මැගසින් විභාග මධ්‍යස්ථානයේදීය.

එමෙන්ම යාපනය බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවෙකු ද මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටියි.

Share this: