පනාමුර, පල්ලේකන්ද ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
ඊයේ රාත්‍රී 11.00 ට පමණ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙක් විසින් තවත් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඇති බව පොලිසිය පැවසුවේය.
පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ඇඹිලිපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇත.
මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 29 හැවිරිදි පුද්ගලයෙකි.
පහරදීම සිදු කළ පුද්ගලයා ද තුවාල ලබා මේ වනවිට පොලිස් ආරක්ෂාව යටතේ ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.
සිද්ධිය සම්බන්ධයෙන් පනාමුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි
Share this: