මරණයකින් අවසන් වූ හැලෝවීන් රාත්‍රිය!

මරණයකින් අවසන් වූ හැලෝවීන් රාත්‍රිය!

හැලෝවීන් සැමරුම් අතර ඇමෙරිකාවේ සිදුකළ වෙඩිතැබීම් හේතුවෙන් එක පුද්ගලයෙක් මියගොස් තවත් 20දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

චිකාගෝ සහ කැන්සාස් නගරවල මෙම සිදුවීම් වාර්තා වී ඇත..

සඳුදා(31) රාත්‍රියේ කැන්සාස් නගරයේ නිවෙසක් තුළදී කළ වෙඩිතැබීමක් හේතුවෙන් පුද්ගලයින් 7දෙනෙක් පමණ තුවාල ලබා එක් අයෙක් මියගොස් තිබුණි.

හැලෝවීන් සාදයක් පවත්වමින් සිටි 70-100ක් පමණ යෞවනවියේ පිරිසක් එම අවස්ථාවේ එම නිවස තුළ සිටි බව පොලීසිය වාර්තා කරයි.

නිවෙස් හිමියන් විසින් එම පිරිසට නිවසින් පිටව යන ලෙස දැන්වීමෙන් අනතුරුව සෙනඟ අතර සිටි අයෙක් වෙඩිතබා ඇති බව සඳහන් විය.

Share this: