මරණයකින් අවසන් වූ කොළඹ සාදය!

මරණයකින් අවසන් වූ කොළඹ සාදය!

කොළඹ වරාය නගර පරිශ්‍රයේ 17 වැනිදා රාත්‍රියේ පැවති සාදයක් අතරතුර ඇති වූ ගැටුමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වයස අවුරුදු 25ක් පමණ වන තරුණයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බවයි පොලිසිය පැවසුවේ.

පෝට් සිටි පරිශ්‍රයේ පිරිසක් සංවිධානය කර තිබූ සාදයක් අතරතුර එල්ල වූ ප්‍රහාරයකින් මෙම තරුණයා තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

ඔහු සෙනසුරාදා (18) අලුයම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

වරාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Share this: