ජාතික තලයට දස්කම් සපිරි යොවුන් රග්බි ක්‍රීඩකයන් හඳුන්වා දෙන අවුරුදු 16න් පහළ දස සාමාජික රග්බි තරගාවලිය අද (9) සහ හෙට (10) මහනුවර පල්ලෙකැලේ සහ බෝගම්බර දී පැවැත්වෙයි. ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ සංවිධායකත්වයෙන් සහ නෙස්ලේ ලංකා සමාගමේ මයිලෝ අනුග්‍රහයෙන් පැවැත්වෙන මේ තරගාවලියට මෙරට පාසල් කණ්ඩායම් 30ක් එක්වී සිටී.
මේ තරගාවලියේදි කාණ්ඩ අටක් යටතේ දින දෙකක් පුරා තරග පැවැත්වෙන අතර ‘ඒ,බී,සී සහ ඩී කාණ්ඩවල තරග අද පල්ලෙකැලේ පිටියේ දිත්, ඊ.එෆ්,ජී සහ එච් කාණ්ඩවල තරග බෝගම්බර පිටියේදිත් පැවැත්වෙනු ඇත. තරගාවලියේ දෙවැනි හා අවසන් දිනය වන හෙට කුසලාන, බඳුන, පළිහ සහ පළඟ අවසන් වටයේ තරග පැවැත්වෙයි.
කාණ්ඩ අටක් යටතේ තරග වදින පාසල් කණ්ඩායම්වලින් ප්‍රබලතම කණ්ඩායම් අටක් එක් එක් කාණ්ඩ සඳහා නම් කර තිබේ.
පසුගිය වසරේ ශූරතාව දිනූ වෙස්ලි විදුහල් පිල ඒ කාණ්ඩය යටතේ තරග වදින අතර ත්‍රිත්ව බි කාණ්ඩය යටතේ ද, කොළඹ රාජකීය විදුහල් පිල සී කාණ්ඩය යටතේ ද, සාන්ත ජෝශප් විදුහල් පිල ඩී කාණ්ඩය යටතේ ද තරග බිමට පිවිසෙයි. ඉසිපතන විදුහල් පිල ඊ කාණ්ඩය යටතේ තරග වදින අතර එෆ් කාණ්ඩය යටතේ කිංග්ස්වුඩ් විදුහල් පිලත්, ජී කාණ්ඩය යටතේ සාන්ත පීතර විදුහල් පිලත්, එච් කාණ්ඩය යටතේ ධර්මරාජ විදුහල් පිලත් තරග බිමට පිවිසෙයි.