රට වෙනුවෙන් සියලුදෙනා එක් කරගනිමින් එක ගමනක් යාම තම අරමුණ බවද තමන් සෙමෙන් ගමනක් යන කෙනෙක් නිසා එම ගමන ආපසු හැරවීමට කිසිසේත් සුදානම් නැති බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයට ලක් කිරීමටත්, පක්ෂය නව මුහුණුවරකින් යුතුව ගොඩනැඟීමටත්, අත්‍යවශ්‍යම අවස්ථාව උදාවී ඇති බවද, ජනාධිපතිවරයා කියයි.
පොළොන්නරුව, කදුරුවෙල, රජරට නවෝදය ක්‍රීඩාංගණයේ පැවැත්වුනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වන සංවත්සර උත්සවය අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා, හිටපු අගමැති දිමු ජයරත්න මහතා, හිටපු විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා, චමල් රාජපක්ෂ, කුමාර වෙල්ගම, එස්.බී.දිසානායක, අනුර ප්‍රියදර්ශන යාපා, මහින්ද යාපා අබේවර්ධන, ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
Share this: